අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, "කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?" වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්...
01. එළකිරි මගින් සම හා සමේ ඇති කුහර පිරිසිදු කර ගැනීම
සම පිරිසිදු කරගන්නට ආයුර්වේදය භාවිතා කරන එක ද්‍රව්‍යක් තමයි "එළකිරි". ඇත්තටම එය ඔයාගේ මුහුණට දීප්තියක් ගෙන දෙනවා. ඒ වගේම සමේ හා කුහර වල ඇති දුවිලි, අපද්‍රව්‍ය සේරම වගේ මෙයින් පිරිසිදු වෙනවා. Cotton ball එකක් ආධාරයෙන් ඔයාට මේ cleanse එක කර ගන්න පුළුවන්. කැමතිනම්, ඔයාට මේ එළකිරි වලට ලෙමන් යුෂත් මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්.
02. දොඩම් වලින් සමේ අවපැහය ඉවත් කර ගැනීම
නැවුම් දොඩම් ගෙඩියක් ගෙන එය ඔයාගේ මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සමේ ස්වභාවය වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. දොඩම්, විටමින් C වලින් බහුල නිසා, මෙය skin toner එකක් විදියටත් ක්‍රියා කරනවා. ඇත්තටම, මෙය හොද ප්‍රතිකාරයක් තෙල් සහිත සමකට.
03. "සඳුන් හා කහ" මගින් මුහුණේ ඇති කැළැල් අඩු කර ගැනීම
සදුන් තේ හැන්දක් හා කහ කහ තේ හැන්දක් ගෙන වතුරත් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15-20 ට පසු, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.
04. "ඔලිව් තෙල්" මගින් සමට තෙතමනයක් ලබා ගැනීම හා සම රැළි වැටීමෙන් වලක්වා ගැනීම
රෑ නින්දට යන්නට කලින් ඔලිව් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සම අලුත් කරවයි, ඒ වගේම තෙතමනය රදවා පවතියි, ඒ වගේම සම රැළි වැටීමෙන් වලක්වයි.
ස්වභාවික දේවල් යොදා ගෙන ලස්සන වෙන්න නිතරම try කරන්න. මේ වගේ තවත් beauty tips ගෙන අපි ඉදිරියේදී කියන්නම්කො.....

No comments:
Post a Comment