Monday, November 30, 2015

දිවුල් වලින් නිරෝගී වෙන හැටි, ලස්සන වෙන හැටි

දිවුල් කියන්නේ, අපි ගොඩක් අයගේ ප්‍රියතම පළතුරක්/බීමක් නේද? ලංකාවේ අපිටනම් දිවුල් හොයා ගන්නත් අමාරු නෑ නේ. කොච්චර දිවුල් බීවත්, ගොඩක් අය මේ පළතුරේ තියෙන ගුණය ගැන දන්නේ නෑ. දිවුල් කියන්නේ කැල්සියම්, ප්‍රොස්පරස්, යකඩ සහ විටමින් A, B සහ C වලින් පොහොසත් පළතුරක්. අපි ලස්සන වෙන්න try කරනවා වගේම නිරෝගිව ඉන්නත් ඕනිනේ. ඉතින් අපි අද බලමු මොනවද ඔයාලාට ලැබෙන වාසි දිවුල් කෑවොත්, බීවොත් කියල.

01. දිවුල් ආහාර දිරවීම පහසු කරයි.
02. රුධිරය හොදින් පිරිසිදු කරන පලතුරකි - දිවුල් 50mg ක් සීනි සහ වතුර සමඟ mix කරලා බීමෙන් වුනත් ඔයාගේ ලේ ගොඩක් පිරිසිදු වෙනවලු.
03. ශ්වසන ප්‍රශ්න වලින් වැළකිය හැක - දිවුල් කොළ මේ සදහා ගොඩක් උදව් වෙනවා.
04. ශක්තිජනක පානයක් - දිවුල් 100g කින් කැලරි 140ක් ලැබෙනවා. ඉතින් ඔයාගේ ඇඟේ පරිවෘත්තී ක්‍රියා වලට මේ ප්‍රෝටීන් බහුල දිවුල් ගොඩක් වැදගත්.

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, "කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?" වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්...

01. එළකිරි මගින් සම හා සමේ ඇති කුහර පිරිසිදු කර ගැනීම

සම පිරිසිදු කරගන්නට ආයුර්වේදය භාවිතා කරන එක ද්‍රව්‍යක් තමයි "එළකිරි". ඇත්තටම එය ඔයාගේ මුහුණට දීප්තියක් ගෙන දෙනවා. ඒ වගේම සමේ හා කුහර වල ඇති දුවිලි, අපද්‍රව්‍ය සේරම වගේ මෙයින් පිරිසිදු වෙනවා. Cotton ball එකක් ආධාරයෙන් ඔයාට මේ cleanse එක කර ගන්න පුළුවන්. කැමතිනම්, ඔයාට මේ එළකිරි වලට ලෙමන් යුෂත් මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්.